හිමිකම’ වැඩසටහනෙන් ඉඩම් අයිතිය ජනතාවට; නව ආර්ථිකයට ගැළපෙන්න ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් කරනවා – ජනාධිපති
රටක ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවට මෙන්ම පුරවැසියාගේ ආරක්ෂාවට ද ඉතා වැදගත් වන අතර, විධිමත් අධ්‍යයනයකින් පසුව යම් ඉඩම් ප්‍රමාණයක් නව ආර්ථික උපායමාර්ගවලට අනුරූප වන පරිදි නිදහස් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. අද (27) පස්වරුවේ අනුරාධපුර, කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති ‘හිමිකම’ නිදහස්
රජයේ ජනප්‍රියත්වය 65% පනී; ආර්ථික විශ්වාසය දෙගුණ වෙයි – සමීක්ෂණ වාර්තා හෙළි කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් රජය සම්බන්ධයෙන් සිදු කළ ජනමත විමසුම් දෙකක ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ, දේශපාලන සහ ආර්ථික විශ්ලේෂකයින්ගේ දැඩි අවධානය ඒ වෙත යොමු වී තිබේ. වෙරිටේ රිසර්ච් ආයතනය (Verité Research) සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය (SSA) සිදු කළ සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇත්තේ රජයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්
කිසිදු රටකට AI අනාගතයක් තනිව ගොඩනැගිය නොහැකියි; ජනපති අනුර ලෝක නායකයන් හමුවේ කියයි
කිසිවෙකුත් මග නොහැරෙන සේ ආචාරධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින්, අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමූහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI Impact 2026’ සමුළුවට සමගාමීව පැවති රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා අද (19)
ජනාධිපති අනුර සහ අගමැති මෝදි අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්; ජනපති අද සමුළුව අමතයි
“AI Impact Summit 2026” සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක් ඊයේ (18) රාත්‍රියේ නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී (Bharat Mandapam) සිදු විය. මෙම හමුවෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් රාජ්‍ය නායකයින් වෙනුවෙන් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට
ජනපති නවදිල්ලියේදී රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක: මෝදිගේ රාත්‍රී භෝජන සංග්‍රහයටත් ඇරයුම්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුව ‘AI Impact 2026’ සමුළුවට සහභාගි වීම සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක, අද (18) පෙරවරුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයෙකු සමඟ සාකච්ඡා පැවැත්වීය. එහිදී ජනාධිපතිවරයා හමුවූයේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන විශේෂ නියෝජිත මෙන්ම ඉන්දියාවේ එක්සත්
පොහොට්ටු හිතවාදී භික්ෂූන්ගේ පා ගමනට සජිත් ප්‍රේමදාසත් එක්වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) හිතවාදී භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් සංවිධානය කරනු ලබන දේශපාලනික පා ගමනක නායකත්වය ගැනීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද ඉදිරිපත් වී සිටින බව වාර්තා වේ. නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මූලිකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම පා ගමනට සහාය පළ කිරීම සඳහා විපක්ෂ නායකවරයා හදිසියේ
ජනපති අනුරගේ ඉල්ලීමට පාකිස්තාන අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක්; ඉන්දු – පාකිස්තාන තරගය 15 දා කොළඹදී
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමඟ පැවැත්වෙන තීරණාත්මක තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ස්තූතිය පළ කරයි. ජනාධිපතිවරයා සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, තරගාවලියේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව, 1996 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය ලබා
උතුරටත් දකුණටත් එකම අයිතිය තහවුරු වෙයි
ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත් සහ චාම් අයුරින්, රටේ සියලු පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීම ඇතැම් පාර්ශවයන්ගේ සිත් රිදවීමට සහ ද්වේෂයට හේතු වී ඇති බව ස්වාධීන දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. පසුගිය වසරේ මෙන්ම මෙවර ද කිසිදු ජන කොටසකගේ සිත් රිදවීමකින් තොරව ජාතික නිදහස් දින සැමරුම සංවිධානය කිරීම
ඉන්දියාවෙන් වැඩම කළ සර්වඥ ධාතු වන්දනාව ගංගාරාමයේදී අද ඇරඹේ
ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව අද (05) සිට ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට හිමි වේ. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති මෙම සර්වඥ ධාතූන් වහන්සේලා අද (05) අලුයම 6.00 සිට ලබන 11 වන දින පෙරවරු 7.00 දක්වා ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.
අතීත වැරදි නොකරමු; රට ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඔසවා තබමු – ජනපතිගෙන් නිදහස් දින පණිවුඩය
නිදහස ලබා ගෙවුණු කාලය තුළ රට නිවැරදි දිශානතියකට යොමු කිරීමටත්, ජාතික ඉලක්ක සපුරා ගැනීමටත් ඉතිහාසයේ ලැබුණු ස්වර්ණමය අවස්ථා බොහෝ විට මඟ හැරී ගිය ද, මෙවර එම වරද සිදු නොකර රට දියුණු සහ ගෞරවනීය රාජ්‍යයක් ලෙස ඉහළට ඔසවා තැබීමට තිර අදිටනින් යුතුව වෙහෙසෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. අභිමානවත්