මත්ද්‍රව්‍ය මර්දනය අත්අඩංගුවට ගැනීමට පමණක් සීමා නොවිය යුතුයි – මහජන ආරක්ෂක ඇමති
මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම අරමුණු කරගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම වඩාත් පුළුල් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ඉන්දික වන්නිනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්
රටම එකට’ මෙහෙයුම දිස්ත්‍රික් මට්ටමට: ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ඇරඹේ
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට සමගාමීව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ මූලික පියවරද මේ වන විට ගනිමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. විෂ මත් උවදුර මැඩලීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව, ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “රටම එකට” ජාතික මෙහෙයුම,
වැලිගම ඝාතනයේ සැකකරුවන් දින 3ක් ඇතුළත අත්අඩංගුවට ගන්නවා – ඇමති ආනන්ද විජේපාල
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ගේ ඝාතනයට සම්බන්ධ සියලුම සැකකරුවන් ඉදිරි දින දෙක තුන ඇතුළත අත්අඩංගුවට ගන්නා බවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී සහතික විය. මෙම ඝාතනය සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන්
වැඩ නොකරන OIC ලාට ඇමතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
යම් පොලිස් කොට්ඨාසයක් සිය බල ප්‍රදේශයේ වැටලීම් සිදු නොකරන්නේ නම්, එම ස්ථානාධිපතිවරයාට නොදන්වා වෙනත් කොට්ඨාසයක පොලිස් කණ්ඩායමක් යොදවා එම වැටලීම් සිදුකරවීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි. එවැනි වැටලීම් කිහිපයක් සිදුවීමෙන් පසු අදාළ ස්ථානාධිපතිවරයාට සිය අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවද
වරාය කුඩු ගේන තැනක් වෙලා – නාමල් කියද්දී, අයිස් කන්ටේනර් ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්
මිද්දෙණිය ප්‍රදේශයේ තිබී සොයාගත්, මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු ආන්දෝලනාත්මක කන්ටේනර් දෙක, “තාක්ෂණික දෝෂයක්” හේතුවෙන් කොළඹ වරායෙන් නිදහස් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පිළිගෙන තිබේ. ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා හෙළිදරව් කළේ, මෙම බහාලුම් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වරායට පැමිණි බවත්, ඒ පිළිබඳව ඇමරිකානු මත්ද්‍රව්‍ය