පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ එකිනෙකා සම්බන්ධයෙන් තීරණාත්මක සහ රහසිගත ප්‍රකාශ ලබා දී ඇති බව අනාවරණය වේ.
විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ සහරාන් හෂීම්ගේ අන්තවාදී කල්ලිය සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු, තමන් විසින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බව සුරේෂ් සලේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර තිබේ.
ඊට ප්‍රතිචාර වශයෙන් හෝ ඊට සමගාමීව, රනිල් වික්‍රමසිංහ විසින් ද සුරේෂ් සලේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව වෙත රහසිගත ප්‍රකාශයක් ලබා දී ඇති බව වාර්තා වේ. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව උපුටා දක්වමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිය යූටියුබ් නාලිකාව ඔස්සේ මෙම කරුණු හෙළිදරව් කර ඇත.