හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරය දැරූ සමයේ රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාමාර්ගවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
පක්ෂයේ ජාතික සංවිධායක හරීන් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, ලෝක පාර්ලිමේන්තු සංසදය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර ආයතන වෙත මේ සම්බන්ධයෙන් සන්දේශ භාර දීමට කටයුතු කරන බවයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අවධියේ සිය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇත. අදාළ සංචාරයේදී පැය 36ක පමණ කාලයක් සඳහා රුපියල් ලක්ෂ 166ක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග ගැනෙමින් පවතී. මෙම නඩු විභාගය සම්බන්ධයෙන් විදෙස් සංවිධාන දැනුවත් කිරීම හරීන් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමේ සැලසුම වී තිබේ.