තමන් ‘රාජපක්ෂ නිකායේ’ බව හඳුන්වා ගත් භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ (20) කොළඹදී පැවැත්වූ සමුළුව අසාර්ථක වීම හේතුවෙන් සංවිධායකයින් අතර බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.
කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොමැති බව ප්‍රකාශ කරමින් සංවිධානය කළ මෙම සමුළුව සඳහා භික්ෂූන් වහන්සේලා 8,000ක් සහභාගී කර ගන්නා බවට පුරසාරම් දෙඩුව ද, විශ්ලේෂකයින් දත්ත සහිතව පෙන්වා දෙන්නේ ඊට සහභාගී වී ඇත්තේ භික්ෂූන් වහන්සේලා 210ක පමණ පිරිසක් පමණක් බවයි.
මෙම රැස්වීම සංවිධානය කිරීමේ මූලිකත්වය ගත් වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් රහසිගතව විදෙස් ගතවී ඇති බව ද අනාවරණය වී තිබේ. මේ අතර, සමුළුව ඇමතීම සඳහා ආරාධනා කර තිබූ බොහෝ භික්ෂූන් වහන්සේලාට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් ද අභ්‍යන්තර චෝදනා එල්ල වෙමින් පවතී.
දේශපාලන සම්බන්ධයක් නොමැති බවට ප්‍රකාශ කළ ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම සමුළුවට සහභාගී වී සිටි අතර, නාමල් රාජපක්ෂගේ නියෝජිතයින් නිරීක්ෂණ මට්ටමින් ඊට එක්ව සිටීම විශේෂත්වයකි. අපේක්ෂිත පිරිස සහභාගී කරවීමට යෙදූ සියලු උපක්‍රම අසාර්ථක වූ පසු, අයහපත් කාලගුණය ඊට බාධාවක් වූ බව පවසමින් සංවිධායකයින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බවට ද චෝදනා එල්ල වේ.