හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ වෙත ලබන 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) මේ බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

මේ අතර, 2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැරියේය.