නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ සෑම වසරකම ශ්‍රේණි දෙක බැගින් ආවරණය වන පරිදි පාසල් විෂය මාලා යාවත්කාලීන කිරීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඉදිරි වසර 03ක කාලය තුළ අදියර වශයෙන් සෙසු ශ්‍රේණිවල ද මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය. රජයේ සැලැස්මට අනුව විෂය මාලා ප්‍රතිසංස්කරණය සිදුවන පිළිවෙළ පහත පරිදි වේ:
- 2026 වසර (මෙම වසර): 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය
- 2027 වසර: 2 ශ්‍රේණිය සහ 7 ශ්‍රේණිය
- 2028 වසර: 3 ශ්‍රේණිය සහ 8 ශ්‍රේණිය
- 2029 වසර: 4 ශ්‍රේණිය සහ 9 ශ්‍රේණිය
ඒ අනුව, ඉදිරි වසර කිහිපය තුළ 9 වන ශ්‍රේණිය දක්වා වූ සමස්ත විෂය මාලාව පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් වනු ඇත. අධ්‍යාපන විශේෂඥයින්ගේ මැදිහත්වීම මත මෙම විෂය මාලා සංවර්ධනය සිදු කෙරෙන අතර, පළමු වසරේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් අවධාරණය කළේය.