හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව හෙට (28) යළි විභාගයට ගැනීමට නියමිතව තිබියදී, ඊට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හදිසි වැඩ වර්ජනයක් දියත් කිරීමට තර්ජනය කර තිබේ.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු වෛද්‍යවරුන්ගේ වැටුප් සැලකිය යුතු මට්ටමකින් ඉහළ දමා තිබියදීත්, විවිධ හේතු මතු කරමින් රෝගීන් ප්‍රාණ ඇපයට ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කිරීම ගැටලු සහගත බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
GMOA සංගමයට සමගාමීව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් වෘත්තීය සමිති කිහිපයක් ද මෙම වර්ජනයට එක්වීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, මෙම වෛද්‍ය වෘත්තීය සමිතිවල ප්‍රධාන නායකයින් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) විවිධ තරාතිරම්වල නිලතල දරන අය බවට තොරතුරු අනාවරණය වී තිබේ. හෙට දින පැවැත්වෙන රනිල් වික්‍රමසිංහගේ නඩුවට සමගාමීව මෙම වර්ජනය කැඳවීම දේශපාලන අරමුණක් මත සිදුවන්නක් බවට චෝදනා එල්ල වී ඇත.