දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වී බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු, එම දඬුවම්වලට එරෙහිව ගොනු කර ඇති අභියාචනා පෙත්සම් ලබන මාර්තු මස 09 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දෙන ලදී.
2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 50කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට මොවුන් වරදකරුවන් කෙරිණි.
ඒ අනුව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් ද, නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත වසර 25ක සිර දඬුවමක් ද නියම වී ඇති අතර, එම තීන්දුව අභියෝගයට ලක් කරමින් මොවුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා ගොනු කර තිබේ.