ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින බලංගොඩ කස්සප ඇතුළු සැකකරුවන් 10 දෙනා එළඹෙන 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහ ගිහි සැකකරුවන් හය දෙනෙකු ඊයේ (19) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.