ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම දත්තවලට අනුව අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 1,156,860ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට ආපදා හේතුවෙන් මරණ 355ක් සහ අතුරුදන්වීම් 366ක් වාර්තා වී ඇති අතර, පවුල් 318,252ක් පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.