පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්, නව යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට හේතු වී ඇත්තේ, විශේෂ කාර්ය බලකාය සතුව දැනට පවතින යතුරුපැදි 314න් 90%ක්ම වසර 10කට වඩා පැරණි වීම සහ ඒවා නිරන්තර කාර්මික දෝෂවලට ලක්වීමයි.
මෙම තත්ත්වය, මත් උවදුර මැඩලීම සහ සංවිධානාත්මක පාතාල කල්ලි මර්දනය කිරීම වැනි විශේෂ වැටලීම් ක්‍රමානුකූලව සහ ප්‍රශස්ත මට්ටමින් සිදුකිරීමට බාධාවක් වී ඇති බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව, එන්ජින් ධාරිතාව 125cc වන යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිලදී ගැනීම සඳහා මෙම අනුමැතිය ලබා දී ඇත. දිවයින පුරා ප්‍රධාන කඳවුරු 76ක් සහ උප කඳවුරු රැසක් ක්‍රියාත්මක කරන විශේෂ කාර්ය බලකායේ රාජකාරි, මෙම නව වාහන සමග තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.