වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබේ.

මෙම උසස්වීම් ලැබූ නිලධාරීන් අතරට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ලියනගේ, රාජ්‍ය බුද්ධි සේවයේ සේවය කළ එච්. කේ. ආර්. ප්‍රනාන්දු, මඩකලපුව මූලස්ථාන විශේෂ මෙහෙයුම් රාජකාරි භාරව සිටි එම්. මෙන්ඩිස්, පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවය කළ ආර්. රාජපක්ෂ සහ නුගේගොඩ කොට්ඨාසය භාරව කටයුතු කළ කේ. යූ. කලුපහන යන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ඇතුළත් වේ.