පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (29) වරෙන්තු නිකුත් කරන ලදී.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ, 2008 වසරට අදාළව, ජගත් මනුවර්ණට එරෙහිව පවතින නඩු දෙකක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

නඩුව කැඳවූ අවස්ථාවේදී, ජගත් මනුවර්ණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, තම සේවාදායකයා ඉඩම් බෙදාදීමේ ජාතික වැඩසටහනකට සහභාගී වී සිටින බැවින්, අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.