හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති නඩුව, හෙට (29) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.
මෙම නඩුව ගොනුකර ඇත්තේ, එංගලන්තයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා වූ දින එකහමාරක පුද්ගලික සංචාරයක් වෙනුවෙන්, රුපියල් කෝටි 1.5කට අධික රජයේ මුදලක් වැය කිරීමෙන් රාජ්‍යයට පාඩුවක් සිදුකළේය යන චෝදනාවට අදාළවය.
මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ දිනයේ ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් ද අධිකරණය විසින් රහස් පොලිසියට නියෝග කිහිපයක් නිකුත් කර තිබේ.
හිටපු මහේස්ත්‍රාත්වරිය විසින් රහස් පොලිසියට උපදෙස් ලබා දී ඇත්තේ, එදින රාත්‍රියේ අධිකරණය තුළ සිදුවූ දේ වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයන් හඳුනාගෙන, වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඊට අමතරව, එදින අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර වන සේ ජනතාව එක්රැස් කළ පුද්ගලයින් ද සොයා බලා අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කර ඇත.