හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර විශේෂ හමුවක් 28 පෙරවරුවේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේදී සිදුවිය.
කතරගම සිට කොළඹ බලා පැමිණෙමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා, මෙම හමුව සඳහා කාල්ටන් නිවස වෙත ගොස් ඇති බව වාර්තා වේ.
මෙම හමුවේදී, තමන් සිරගතව සිටි කාලසීමාවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉටුකළ කාර්යභාරය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ ස්තූතිය පුද කර තිබේ.
එමෙන්ම, මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසූ රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු නායකයින් දෙපළ වත්මන් දේශපාලන තත්ත්වය සහ ආගිය තොරතුරු පිළිබඳව සුහද කතාබහක නිරත වෙමින් මඳ වේලාවක් එහි රැඳී සිටි බව සඳහන් වේ.