එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් යැයි විශ්වාස කෙරෙන, T-56 වර්ගයේ ගිනි අවි 30ක් යාපනය ප්‍රදේශයේ වළ දමා තිබියදී සොයා ගැනීමට පොලීසිය සමත්වී තිබේ.

නීති විරෝධීව ළඟ තබාගෙන ඇති ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ වැටලීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම සහ අනෙකුත් ගිනි අවි සොයාගෙන ඇත.

මේ වසර තුළදී පමණක්, නීති විරෝධී ලෙස ළඟ තබාගෙන සිටි පිස්තෝල 64ක්, රිවෝල්වර 46ක්, දේශීයව නිෂ්පාදිත ගල්කටස් ගිනි අවි 40ක් සහ රීපීටර් වර්ගයේ ගිනි අවි 06ක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

නීති විරෝධී ගිනි අවි භාවිතය මැඩපැවැත්වීම සඳහා මෙම වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.