රියදුරු බලපත්‍රය අලුත් කිරීමට පහසු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.
රියදුරු බලපත්‍රය කල් ඉකුත් වූ විට අලුත් කර ගැනීමට වේරහැරට පැමිණීමට සිදුවන හෙයින් එය ජනතාව අපහසුතාවයට පත් කරවන්නක් බවද ඔහු ප්‍රකාශ කළේය.
මාසයක් වැනි කෙටි කාලයකදී මෙම ක්‍රමවේදය හඳුන්වා දෙන බවද ඔහු කීවේය.