අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.


කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න හමුවට රාජිත සේනාරත්න ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු රිමාන්ඩ් භාරයේ තබාගන්න ලෙස මෙහිදි මහාධිකරණ විනිසුරුවරිය නියම කර ඇත.