ගිනි අවි සහ උණ්ඩ තොගයක් සමග මත් ද්ර ව්ය ජාවාරම්කරුවන් බවට සැකකෙරෙන පුද්ගලයන් 10 දෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගණේමුල්ල පොලීසිය සදහන් කරයි. ගණේමුල්ල පොලීසිය මගින් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කොස්සින්න, පරකන්දෙනිය ප්රටදේශයේ නිවසක සිටි සැක සහිත පුද්ගලයන් කිහිප දෙනකු අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්රපශ්න කිරීමේදී අනාවරණය වී ඇති තොරතුරු මත මොවුන්ට සම්බන්ධ තවත් පිරිසක් මීගමුව ප්රුදේශයේදී අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
මොවුන්ගෙන් සිදු කළ වැඩි දුර ප්රොශ්න කිරීමේදී රිපිටර් වර්ගයේ ගිනි අවියක් සහ මිලි මීටර් 9 ප්රරමාණයේ ගිනි අවියක්ද , කඩුවක් , ටී 56 ගිනි අවි සදහා භාවිතා කරනු ලබන උණ්ඩ 183 ක් , මිලි මීටර් 9 උණ්ඩ 290 ක් , බෝර12 උණ්ඩ 8 ක්, පතරොම් ගැබ්, අත් මාංචු කුට්ටමක් , යුද හමුදා නිල ඇදුම් කට්ටලයක් , ජංගම දුරකථන කිහිපයක්, අයිස් මත් ද්ර ව්ය, මිලි ග්රෑිම් 240 ක් සහ මත් පෙති තොගයක් අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය කියයි. මෙම සැකකරුවන් වනාතමුල්ල ,රාජගිරිය, ඔබේසේකරපුර ,දෙල්ගොඩ , මීගමුව, කටාන සහ කදිරාන යන ප්ර දේශවල පදිංචි අවුරුදු 22 – 35 අතර වයසේ පසුවන්නවුන් බවත් අනාවරණය වී ඇත.