වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කර මහතාගේ නිවස ඉලක්කක කර අද(16) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණ තිබූ නාඳුනනවා පුද්ගලයන් දෙදෙනෙකු අද අලුයම 4.39 ට පමණ එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී තිබූ අතර වෙඩි ප්‍රහාර හතක් එලෙස එල්ල වී තිබූ බව පොලිසිය සඳහන් කරයි. මේ වන විට සිදුකළ විමර්ශන වලදී ටි 56 ගිනිය අවියකින් එම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.