අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අධිකරණය හමුවේ පනවා තිබූ නඩු විභාග කර හිටපු ඇමතිවරු දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු වැරදිකරුවන් වී දඬුවම් නියම කර තිබේ.
මෙම වසරේ ජනවාරි 01 වෙනි දින සිට මැයි 31 වෙනි දින දක්වා එම කොමිසමට පැමිණිලි 2,038ක් ලැබී ඇති බව ද වාර්තා වේ.
විමර්ශනය අවසන් කළ ලිපි ගොනු 22ක් මහේස්ත්‍රාත් අධිකරණවලටත්, තවත් නඩු ගොනු 249ක් මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුවරුන් හමුවටත් පමුණුවා තිබේ. මේ වනවිට එම නඩු විභාග වෙමින් පවතී.
අල්ලස් කොමිසම මගින් එම මාස 05 තුළ වැටලීම් 44 ක් සිදු කර සැකකරුවන් 31ක් අත්තඩංගුවට ගෙන නඩු පවරා තිබේ.