‘ටීචර් අම්මා’ යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටිමින් 5 වසර ශිෂ්‍යත්ව දරුවන් ඉලක්ක කරගත් වාණිජ ව්‍යාපෘති හරහා දෙමාපියන් නොමඟ යැවීම, පොලිසිය අවභාවිත කිරීම සහ පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හයේෂිකා ප්‍රනාන්දු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාස්තු ගෙවා පොලිස් සේවය ලබා ගැනීමේ ක්‍රමවේදය අවභාවිත කරමින්, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සිය ප්‍රචාරක වැඩසටහනක් සඳහා ඇය පොලිස් ආරක්ෂාව යොදාගත් බවට චෝදනා එල්ල වී ඇති අතර, ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ. මීට අමතරව, ඇයගේ ආරක්ෂකයෙකු බව කියන පුද්ගලයෙකුට පහර දී බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් පැවැත්වේ.
මෙම සියලු සිදුවීම්වලට අදාළ පරීක්ෂණ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, විපක්ෂ මන්ත්‍රීවරයෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සභාවට දැනුම් දී ඇත.