නීති විරෝධී ලෙස සේවය අත්හැර ගොස් විවිධ අපරාධවලට සම්බන්ධ වී සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු 3,103 දෙනෙකු පසුගිය මාස 3 තුළ අත්තඩංගුවට ගෙන ඇති බව නිල නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.
ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් හෙළි කර තිබෙන්නේ පෙබරවාරි 22 වෙනිදා සිට මැටි 08 වෙනි දින දක්වා සිදු කළ මෙහෙයුම්වලින් එම පිරිස අත්තඩංගුවට ගෙන ඇති බවයි. යුද හමුදා සේවය හැර ගිය අයවලුන් 2,613ක්, නාවික හමුදාවේ 248ක්, සහ ගුවන් හමුදාවේ 242ක් එම පිරිස අතර සිටිති.
නිවාඩු නොලබා සේවය හැර ගිය පිරිස සහ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින සම්බන්ධතා ඉක්මනින් බිඳ දමන බවත් මෙම මෙහෙයුම් මගින් නීත්‍යානුකූල පියවර ඔවුන්ට එරෙහිව ගන්නා බවත් අවධාරණය කර ඇත.