පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ එම කාලසීමාවේදී පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා කරන බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

පසුගිය වසරේ පොල් ගෙඩි මිලියන 477ක අස්වැන්නක් ලැබී ඇති අතර පවතින තත්ත්වය යටතේ මෙම වසරේ පොල් ගෙඩි මිලියන 555ක අස්වැන්නක් පොල් පර්යේෂණ ආයතනය විසින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම පසුගිය සමයේ වෙළෙඳපොළ තුළ ඇතිවූ පොල් හිඟය හේතුවෙන් පොල් මිලෙහි වැඩිවීමක් දක්නට ලැබුණද මේ වන විට පොල් ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 163ක පමණ මිලකට ස්ථාවර වී ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර සඳහන් කළේය.