මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ජාවාරම්කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට අද (16) මරණීය දණ්ඩනය නියම කළේය.
2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 179කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදී අදාල සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
ඒ අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි එම සැකකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් මෙලෙස මරණ දඩුවම නියම කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සදහන් කළේය.