ලබන අප්‍රේල් මස 18 වෙනි දින සිට ශ්‍රී දළදා වහන්සේ වන්දනා මාන කිරීම වෙනුවෙන් ආරම්භ කරන ප්‍රදර්ශන කටයුතුවලට මුවාවී සංවිධානාත්මක ජාවාරම් කල්ලි මුදල් එකතු කිරීමට පටන් ගෙන තිබේ.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරමින් පවතින පෝස්ට් එවැනි ජාවාරම් කල්ලිවල කුමන්ත්‍රණයක් බව දිය වඩන නිලමේ ඇතුළු ශ්‍රී දළදා මාලිගාවේ භාරකරුවන් ජනතාවට අවධාරණය කර තිබේ. දන්ත දාතුන් වහන්සේ මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කරන්නේ වසර 16කට පසුව ය. එම අවස්ථාව උපයෝගී කර ගනිමින් ජාවාරම් කල්ලි විසින් මේ ආකාරයට ජනතාව මුලා කර මුදල් එක් රැස් කිරීමට උත්සාහ කරමින් සිටිති.
ඒ සම්බන්ධයෙන් දළදා මාලිගාවේ භාරකරුවන්ට විසින් නිකුත් කළ නිල නිවේදනය පහතින්…
“WhatsApp මඟින් හුවමාරුව වන මෙම දැන්වීම සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් වන අතර, සිරි දළදා වන්දනාව වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයන අතර, ශ්‍රී දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙකුට, සමූහයකට, සංවිධානයකට හෝ වෙනත් කවර ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමට මෙන්ම වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත දැනුම්දෙන්නෙමු.”
