රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් උදය ප්‍රභාත් ගම්මන්පිල වගඋත්තරකරුවෙකු කරමින් අධිකරණය ඉදිරියේ පවරා තිබූ නඩුවේ තීන්දුව අද (24) ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුගෙන් මුදල් වංචා කරනලදැයි චෝදනා කරමින් ගම්මන්පිලට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

පසුගිය කාලයේ මැතිවරණ වෙනුවෙන් ජනතාවගෙන් මුදල් එකතු කළ උදය ගම්මන්පිල එමගින් ද විශාල මුදලක් එක් රැස් කර ගත් බවට විවේචන එල්ල වී තිබිණි.