ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන ශාන් පුතා නමැත්තා මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමඟින් මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදී අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෝමාගම පොලිසිය විසින්.

මෙම පුද්ගලයාට ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල් වරයෙක් සහ මෙම සැකකරුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකුද මේ සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන්නේ.

සැකකාර පොලිස් කොස්තාපල් මාතර කොටවිල පොලිස් ස්ථානයෙ සේවය කරමින් සිටින අතරතුර එම ගිනි අවිය සොරකම් කොට ගෙන විත් ශාන් පුතා නම් ගායකයාට ලබා දී ඇති අතර පසුව මෙම කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාසයේ රාජකාරී සඳහා ස්ථාන මාරුවක් ලැබ ගොස් තිබියදී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සිදු කල ප්‍රශ්න කිරීම් හමුවේ මෙම ගිනි අවිය පිළිබඳ ලද තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.