මැතිවරණ කොමිෂන් සභාව 2025 වසර සඳහා ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂ වලින් අයැදුම්පත් කැඳවීමට කටයුතු යොදා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසන පරිදි, මෙම අයැදුම්පත් අද (28) සිට මාර්තු මස 28 වැනිදා දක්වා භාර ගැනීමට කටයුතු සූදානම් කර ඇත.

අයැදුම්පත් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.elections.lk හරහා බාගත කර ගැනීමේ හැකියාව පවතින අතර, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලින්ද මෙම අයැදුම්පත් ලබාගත හැකිය.