රාජ්‍ය වියදම් අඩු කළ පමණින් රට ගොඩගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
අද (27) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ රටට ආදායම් ඉපැයීමට ද වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි.
මෙරට ජනතාව ඉතා පීඩාවට පත්ව සිටින බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, තරුණයන් පවා අද වනවිට අපේක්ෂා භංගත්වයෙන් පසුවන බව පෙන්වා දුන්නේය.
එම නිසා රට ගොඩගැනීම වෙනුවෙන් ආණ්ඩුවට උදවු කිරීමට තමාට අවශ්‍ය බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.