ඩොලර් මිලියන 05ක මුදලකට අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අලෙවි කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
දැනට අමෙරිකානු පුරවැසිභාවය නොමිලේ ලබා දීම වෙනුවෙන් ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයිය ක්‍රියාත්මක වන අතර, ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තමන් විසින් මුදල් ගෙවා අමෙරිකානු පුරවැසිභාවය ලබා ගත හැකි ‘ගෝල්ඩ් කාඩ්’ ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බවයි.
ඔහු ජනමාධ්‍ය හමුවේ පැවසූ අන්දමට, ධනවත් විදේශිකයින් හට ඩොලර් මිලියන 05ක ගාස්තුවකට අමෙරිකාවේ පුරවැසිභාවය ලබා ගත හැකි වන අතර, එමගින් අමෙරිකාව තුළ වාසය කිරීමට මෙන්ම රැකියා හා ව්‍යාපාර කිරීමේ අයිතිය ද ඔවුන්ට හිමි වනු ඇත.
ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ සති දෙකකින් පමණ මෙම නව ‘ගෝල්ඩ් කාඩ්’ විකිණීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරෙනු ඇති බවයි.
තවද, මෙම නව ‘ගෝල්ඩ් කාඩ්’ වැඩසටහන රුසියාවේ සිටින ධනවතුන්ට පවා විවෘත කළ හැකි බව ද ඔහු සඳහන් කර තිබෙනවා.