හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට වසර හතරක බරපතළ වැඩසහිත සිරදඬුවමක් වව්නියාව මහාධිකරණය විසින් නියම කර තිබේ.
ඒ යාපනයේ විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තාට පොලිස් අත් අඩංගුවෙන් මිදී පළායාමට ආධාර අනුබල දීමේ චෝදනාවට අදාළවය.
වව්නියාව මහාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ, එම නඩුවේ තීන්දුව අද (20) ප්‍රකාශයට පත්කරමිනි.
මීට වසර 10කට පෙර එනම්, 2015.05.13 වනදා යාපනය, පුංකුඩුතිව් හි සිදු වූ විද්‍යා දැරිය ඝාතනයෙන් දින හිපයකට පසු එහි ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් නමැත්තාව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසියට භාරදී තිබියදී ඔහුව නිදහස් කර හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට චෝදනා එල්ල වී තිබිණි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, කහවත්තේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකරගේ නම සැකකරුවෙකු ලෙස බී වාර්තාවට ඇතුළත් කිරීම වැලැක්වීමටද උත්සාහ කර තිබිණි. ඒ සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන හමුවේ ප්‍රකාශ කරමින්, කහවත්ත පොලිස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්‍ෂක ලලිත් පුෂ්පකුමාර රාජමන්ත‍්‍රී සඳහන් කර තිබිණි.