වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන සහ මුදල් වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (20) අලුයම ඉන්දියාවේ සිට දිවයිනට රැගෙනවිත් තිබේ.
🔹 ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) මඟින් රතු නිවේදන නිකුත් කිරීමෙන් අනතුරුව, සැකකරුවන් දෙදෙනා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඇත.
🔸 සැකකරුවන්:
රත්නායක වීරකෝන් අරෝෂන් මධුසංඛ (38) – හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි
එරංග පුෂ්පකුමාර හෙට්ටිආරච්චි (37) – මොරටුව ප්‍රදේශයේ පදිංචි
මෙම සැකකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.