සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීය.
මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙකි.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩි තැබීම සිදුවූයේ අද (19) පෙරවරුවේය