රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නාමය සහ තනතුර වංචනිකව යොදා ගනිමින් වට්ස්ඇප් පණිවුඩ හරහා මුදල් ඉල්ලීමේ සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇති බව රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසයි.

“DGC Mr. Nonis” නමින් ඇති වට්ස්ඇප් අංකයකින් බැංකු ගිණුම් අංක සඳහන් කරමින් විවිධ හේතු පදනම් කරගෙන මෙම මුදල් ඉල්ලීම් සිදුකරන බව අනාවරණය වී ඇත.

මෙවැනි වංචා කිරීමට යෙදෙන පුද්ගලයින්ගේ උගුලාම් වලට හසු නොවන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, එවැනි ඉල්ලීමක් ලැබුණු පසු වහාම ලඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන්නැයි ඔහු අවධාරණය කරයි.