ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක් අනුව, වාර ප්‍රවේශපත්‍ර මිලදීගත් පාසල් ශිෂ්‍යයින්, කාර්මික විද්‍යාල හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, සහ වැඩිහිටි පුද්ගලයින් ශ්‍රී ලංගම බස් රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, බස් සේවක කණ්ඩායම් කිසිවක් මෙම ප්‍රවේශපත්‍ර ලාභීන් ප්‍රවාහනය කිරීමට ප්‍රතික්ෂේප කළහොත්, එය මණ්ඩලීය නීතිවලට අනුව දැඩි වරදක් වන අතර, එවැනි සිදුවීම්වලට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවය.

එසේම, වාර ප්‍රවේශපත්‍ර හිමියන් ප්‍රවාහනය කිරීම පිළිබඳ ගැටළුවක් මුහුණදේ නම්, ඔවුන්ට 1958 දුරකථන අංකය ඔස්සේ ශ්‍රී ලංගම තොරතුරු මධ්‍යස්ථානයට පැමිණිලි කිරීමට හැකියාව ඇති බවද නිවේදනය මඟින් අවධාරණය කර ඇත.