මේ වනවිට දැඩි උණුසුම්කාරී කාලගුණ තත්වයක් වර්ධනය වෙමින් පවතින අතර එය ලබන මැයි මාසය දක්වා බලපැවැත්වෙනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මේ අනුව, ඉදිරි මාස දෙක හමාරක පමණ කාලය සෞඛ්‍යමය වශයෙන් සහ පාරසරිකව ඇතිවිය හැකි ගිනිගැනීම් ඇතුළු හදිසි අනතුරු කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි අවධාරණය කරයි. මේ වනවිට ඇතැම් පුද්ගලයින් කැලෑ ගිනි තැබීම් ඇතළු විනාශකාරී ක්‍රියාවන්ට පෙළඹී ඇති බව ප්‍රවෘත්ති වාර්තාවලින් දැක්වේ.
මේ අතර, ජල සම්පාදන මණ්ඩලයෙන් ලබා දෙන ජලය භාවිතා කිරීමේදී අරපිරිමැස්මෙන් කටයුතු කිරීම පිළිබඳව ද මහජනතාවගේ අවධානය යොමුකර ඇත.