කප්පම් ලබා ගැනීම සහ ව්‍යාපාරිකයන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක නිමන්ත පෙරේරා නැමැත්තෙකු පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරගේ සමීපතමයෙකු බවත් ඔහු කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු පොහොට්ටු පක්ෂ මන්ත්‍රී දුමින්ද පෙරේරාගේ වැඩිමහල් සහෝදරයා බවත් වාර්තා වනවා.

මොහු අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුව වී ඇත්තේ කිරිබත්ගොඩ නගරයේ අනවසර කඩයක් පවත්වාගෙන යන කාන්තාවකට තර්ජනය කර කප්පම් ඉල්ලීමේ සිද්ධියක්.