පානදුරේ ග්‍රිඩ් මධ්‍යස්ථානයේ ඊයේ (09) ඇති වූ හදිසි තත්වය මත විදුලි සැපයුම් පද්ධතියේ මේ වනවිට ඇතිව තිබෙන අසමතුළිතතාවය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව එම විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල සටහන එම මණ්ඩලය විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති අතර එම කාලසටහන පහතින් දැක්වේ.