පෞද්ගලික මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් වාහන ආනයන තහනම හෙට (01) සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් පත්‍රය අනුව කැබ් රථ, යතුරු පැදි, පාපැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සඳහා පනවා තිබූ තහනම ඉවත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.