පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කර තේරී පත්වූ අන්තවාදී මත පළ කරන මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබේ.
ඔහු ඊයේ (30) මෙසේ ප්‍රකාශ කර ඇති අතර, එය තවත් රඟපෑමක් දැයි දේශපාලන සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයින් ප්‍රශ්න කරමින් සිටී. පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසුව ඔහුගේ ක්‍රියාකාරීත්වය වෛද්‍ය වෘත්තීයට පවා නිග්‍රහ කෙරෙන ආකාරයෙන් හැසිරී තිබිණි.
ආසන්නම සිදුවීම වූයේ පසුගිය සතියේදී පොලිසියේ රාජකාරියට බාධා කරමින් හැසිරීමයි. ඔහුගේ සමස්ත හැසිරීම ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කිසිසේත් ම නොගැලපෙන ආකාරයේ පහත් භාවිතයක් නිසා ඒ සම්බන්ධ විනය ක්‍රියා මාර්ග ගැනීමට සූදානම් වන පසුබිමක දී ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.