ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම් හල් ඇමෙරිකාවේ සමාගමකට ලබාදීම සඳහා රනිල් වික‍්‍රමසිංහ පොහොට්ටු හවුල් පාලන සමයේදී අත්සන් කළ ගිවිසුම කඩකිරීමට එරෙහිව නඩු පැවරීමට එම සමාගම කටයුතු කරන බව අනතුරු හඟවමින් ප‍්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව තොරතුරු විදේශ කටයුතු සංචාරක සහ විදේශ රැකියා ඇමති විජිත හේරත් දෙරණ 360 සජීවී සංවාදයේදී හෙළිකරනු ලැබීය. ගිවිසගෙන ඇති පරිදි ඇමෙරිකානු සමාගමට ඉන්ධන පිරවුම් හල් පවරාදීම රනිල් වික‍්‍රමසිංහ පාලනය විසින් කඩකිරීම සම්බන්ධයෙන් මෙම නඩු පැවරීමට සූදානම් වන බව හෙළිකරනු ලැබීය.

මේ වනවිට මෙරට පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යන පිරවුම්හල්ද ඇමෙරිකානු සමාගමට විකිණීම සඳහා රනිල් වික‍්‍රමසිංහ පාලනයේදී ගිවිසුම් අත්සන් කර තිබුණත් පෞද්ගලික පිරවුම්හල් හිමියන් එම ව්‍යාපාරය විකිණීමට අකමැති වීම නිසා මෙම තත්වය උදාවී ඇතැයි වැඩිදුරටත් හෙළි කෙළ්ය. වර්තමාන ආණ්ඩුවට මෙම උගුලෙන් ගැලවීම සඳහාද ක්‍රියාකිරීමට සිදුව ඇතැයි ඇමතිවරයා පෙන්වා දුන්නේය.