පසුගිය කාලයේ දිනකට දරුණු මාර්ග අනතුරු අවම වශයෙන් 8ක් සිදු වී ඇති අතර පොලිස් මෙහෙයුම් වැඩි කිරීමටත් සමඟ එම සංඛ්‍යාව 2කට පමණ සීමා වී ඇති බව නිල වශයෙන් වාර්තා වී තිබේ.

ඊයේ (08) පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත ජයසුරිය ඇතුළු ඉහළ නිලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවේදී මෙම තොරතුරු හෙළි වී තිබේ. මාර්ග ආරක්ෂාව වෙනුවෙන් පොලිස් මෙහෙයුම් නිසි පරිදි පසුගිය සතියක පමණ කාලය තුළ ක්‍රියාත්මක කිරීම නිසා මාරාන්තික අනතුරු 75%කින් පමණ අඩු වී ඇති බව එහිදී පෙන්වා දී ඇත.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න මෙන් ම, සජිත් පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජගත් විතාන අනතුරු අඟවමින් අද සිට දීප ව්‍යාප්ත පෞද්ගලික බස් රථ වර්ජනයක් දියත් කරන බව මෙයට පෙර ප්‍රකාශ කර තිබිණි. නමුත් ඊයේ සාකච්ඡාවට එක් වූ බස් හිමියන්ගේ නියෝජිත පිරිස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් බස් රථ තුළ සිට රූ ගත කළ වීඩියෝ ප්‍රදර්ශනය කිරීමෙන් තමන් ද ලැජ්ජාවට පත් වූ බව ය.