දේශීය අදායම් ඉතිහාසයේ වැඩිම බදු ආදායම රැස් කල බවට සඳහන් කරමින් කොමසාරිස් ජනරාල්ගේ ලිපියක් පසු ගිය දිනවල මාධ්‍ය තුළ පළවුණී.
25.1% ට වැඩ අදායම් වර්ධනයක් ලබා ගත් බව කියවෙන මෙම ලිපියේ අඩංගු දත්ත වැඩි දුර විශ්ලේෂණය කිරීමට අපට සිතුනේ එම බදු අදායම එකතු කර දීමට අපත් එකතු වූ බැවිනි.
කොමසාරිස් ජනරගේ ලිපියට අනුව 2024 වසරේ ඉපැයූ සමස්ත ආදායම ඉදිරියේ (*) ක් යොදා දළ දත්ත යනුවෙන් ලිය තිබුනත් (හාස්‍යට කරුණකි) එම දත්ත නිවැරදියැයි අනුමාන කර පහත අදහස් දක්වන්නේ පාඨක ඔබට සිතීමට යමක් ඉතිරි කරමිනි.
1) ඉහත අදායම් වැඩිවීමට, 2024 වසරේ වට බද්ද 15% සිට 18% දක්වා 3% ඉහල යාම ( බදු බලපෑම රු මි 151,756 – නැවත ගණනය කර බලන්න),
2) සමාජ ආරක්ෂණ බද්ද – SSCL, උපයන විට ගෙවන බද්ද – PAYE සහ VAT බද්ද සඳහා threshold (බද්ද ගෙවීමට යටත් වන සිමාව) පහල යාම යන කරුණු ඍජුවම බල පෑ බව නොරහසකි.
3) දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් විසින් 2025 වසරේ මුල් කාර්තුවට ගෙවීමට තිබෙන බදු මුදල් මිත්‍ර ලෙසින් කතාකර 2024 අවසාන මාසයට ලබාගැනීම.
ඉහත කරුණු සලකා බලද්දී ඇත්තටම බදු දෙපාර්තමේන්තුව කලේ මොනවද ? විශාල සේවක පිරිසක්, දිරිදීමනා ලබයි, වෙනත් වරප්‍රසාද ලබයි, ඉන්ධන වාහන දීමන ලබයි. මහජන මුදල් නේද? එහෙනම් මේ බදු ගෙවන්නන් ස්වේච්චාවෙන් ගෙවූ මුදල් නේද ?
ඉබේ එකතු වූ බද්ද තමන් එකතු කල බව කීම ලැජ්ජාවට කරුණක නොවන්නේද ? හරියට ලබාදුන් ඉලක්කයවත් 100% ලබාගෙන නැහැලු නේද ? තමන්ගේ විශාල අඩුපාඩු රැසක් මුළු රටම දැනගනිමින් සිටිද්දී මෙහෙම පුරසාරම් කතා කීම නිසා තවත් කතා බහට ලක්වෙනවා.
තවත් හොඳින් කරුණු සොයා බල්ලදී රුපියල් මිලියන 1,958, 088 ක් නොව එමෙන් දෙගුණයක් අදායම් සෙවීමට දෙපාර්තමේන්තුවට ඉඩකඩ ඇති බව දැනගන්න ලැබුන.එහෙනම් ඒ මුදල් ගියේ කාගේ සාක්කුවටද ?
ආරංචි හැටියට දෙපාර්තමේන්තුවේ කොමසරි ජනරාල්වරු දෙනෙනෙක් සිටි. ඒ ප්‍රදාන ගොඩනැගිල්ලේ සහ නාරාහේන්පිට ආශ්රිත බදු කාර්යාලයේය.
සමහර බදු ගෙවන්නන් හිඟ බදු සඳහා වාරික ගෙවීම් ලබාගැනීමටත් අත යට මුදලක් දී දඩ සහන ලබාගැනීමටත් වැඩි පුරම යන්නේ නාරාහේන්පිට – කොමසරිස් ජනරාල් ළඟටය මෙම තත්ත්වය නිසාවෙන් හිඟ බදු එකතු කරන අංශ වල නිලදාරීන් දැඩි අපහසුවකට පත් ව ඇත.
හිඟ බදු සහිත විස්තර පරිගණකයෙන් ලබාගෙන බදු ගෙවන්නට පුද්ගලිකව කතාකර බියවද්දා මුණගැසී ගාන කතාකර සහන ලබාදෙන අතර හෙට අනිද්දා විශ්‍රාම යාමට නියමිත් මොහු කඩිනමින් මුදල් එකතු කරන්නේ – ඔහුට උඩින් වෙන කිසිවකුට කතා කල නොහැකි නිසාය.
IMF පුන පුනා කියනුයේ විශාල ධනවතුන්ගෙන් බදු එකතු කරන ලෙසය. 2024 වයස 18 වැඩි යයි කියමින් ලිපි ගොනු විවෘත කරද එම අදායමට සිදු වූ පලක් නැත. එසෙම. පැහැදිලි සැලසුමක් බදු එකතු කිරීමට සදහා ඇත්තේ ද නැත.
රජයත්, මුදල් අමාත්‍යංශයත් නොමග යවමින්, ඒ ඒ වෙලාවට ලබා දෙන ලබන්නේ කමකට නැති බොරු වාර්තා බන දන්නෝ දන්නා රහසකි.
නිවැරදිව හරි මිනිසුන්ගෙන් බදු එකතු කර තිරසාර බදු ගෙවන සමාජයක් ගොඩනැගීම දෙපාර්තමේන්තුව සතු කාර්ය භාරයක් නොවන්නේද ?
බොරු පම්පෝරි ගසමින් මිනිසුන් නොමග ඇරියත් සියලු දෙනාම මෝඩයෝ නොවන බව මේ නිලධාරීන් ඇතුළු සියලු වගකිව යුත්තන් දැනගත යුතුය.
(දේශපාලන වාර්තාකරු)