රට පුරා ක්‍රියාත්මක කෙරෙන සංවිධානාත්මක  පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පැතිරී තිබෙන පළමු හා දෙවන පෙළට අයත් ජාලය සම්පූර්ණයෙන් හඳුනාගෙන ඇතැයි වැඩ බලන පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය හෙළි කර තිබේ.

පොලිස්පතිවරයා මේ බව හෙළි කර තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයන්ගේ හමුවක දී ය.

එහි දී ඔහු වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ, අදාළ කල්ලි වෙත රතු සහ නිල් නිවේදන නිකුත් කිරීමට කටයුතු කරන බවයි. එම පූර්ව දැනුම් දීම්වලින් අමතරව අදාළ මර්දන කටයුතු මෙම වසර තුළ දී වේගවත් කරන බව අවධාරණය කර ඇත.