කතරගම පිහිටි රජයට අයත් ඉඩකම හිමිකාරත්වය සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්නයකට අදාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දිනයේ දී යෝෂිත රාජපක්ෂ ගෙන් ප්‍රශ්න කර තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඉන් එළියට පැමිණි යෝෂිත රාජපක්ෂ මහතා, ඔහු එනතුරු මග බලා සිටි මාධ්‍යවේදීන් හමවේ මුනිවත රැකීමට ප්‍රවේශම් වුණා.
ඉන් පසුව ඔහු ජාතික පුවත්පතට, තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම පිළිබදව කරුණු දැක්වීමක් කර තිබෙනවා. ඒ අනුව, ගැටළු සහගත ඉඩම පිළිබද ප්රශ්නය මුලින්ම කරලියට පැමිණ ඇත්තේ 2006-2007 වසරවලදී තමන් පාසල් ශිෂ්‍යයෙකුව සිටි බව පවසනවා. යහපාලන රජය සමයේ නැවත මෙම ඉඩමේ ප්රශ්නය කරලියට පැමිණ තිබෙනවා. ඒ අවස්ථාවේ දී ඉඩමට තමන්ගේ නම ඈදී නොතිබුණු බව ද ඔහු කියා සිටියා. 2023 වසරේ දී එකී ආන්දෝලනාත්මක ඉඩමට ආසන්නයේ පිහිටි පන්සලකට තමන් උපකාර කළ බව පවසන යෝෂිත රාජපක්ෂ මහතා, ඒ වන විට ඉඩම සම්බන්ධයෙන් තමන්ට මතකයක් හෝ නොතිබුණු බවද පවසනවා. මේ සියල්ල දේශපාලන පළිගැනීමක පදනමකින් සිද්ධ වන දේවල් යැයි ඔහු චෝදනා කරන්නේ.