ගෑස් සිලින්ඩරය ලකුණින් පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත් වූ රනිල් වික්රමසිංහගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම වෙත හිමි වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය ලබා ගැනීම සඳහා හයදෙනකු අතරේ දැඩි සටනක් පවතින බව හෙළි වේ.
ජාතික ලැයිස්තුවේ මුලින්ම සිටින දිනේෂ් ගුණවර්ධන සහ කොළඹ දිස්ත්රික්කයට ඉදිරිපත් වී පරාජයට පත් වූ රනිල් වික්රමසිංහගේ සමීපතමයකු වන සාගල රත්නායක එම හය දෙනා අතර මූලිකයන් වී සිටින බව වාර්තා වේ. ඊට අමතරව පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින්, මන්ත්රී ධුරය ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා දැඩි ලෙස සටන් වදින බව ද පොහොට්ටු පක්ෂයේ සිටි කංචන විජේසේකර, නිමල් ලන්සා යන දෙදෙනා ද එම මන්ත්රී ධුර අරගලයේ තවත් ප්රබල තරගකාරීහු දෙදෙනෙක් ය. ඊට අමතරව හිටපු මන්ත්රීවරයකු වන හිජාස් හිස්බුල්ලා ද ඒ අතර සිටී.
සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට මන්ත්රී ධුර දෙකක් ජාතික ලැයිස්තුවෙන් ලැබුණු අතර, රවී කරුණානායක අන් කිසිවකුටත් හොරෙන් එම පක්ෂයේ ලේකම්වරියගේ අනුග්රහයෙන් ජාතික ලැයිස්තු මන්ත්රීවරයා ලෙස මේ වන විටත් ගැසට් මඟින් ප්රකාශයට පත් කිරීම සිදු කරගෙන තිබේ. ඉතිරිව තිබෙන තනි මන්ත්රී ධුරය සඳහා ඉහත දැක් වූ හයදෙනා එළිපිට ගැටුමක නියැළී සිටිති.