තමන් ජනාධිපති වූ පසු සෑම භාණ්ඩයක්ම අඩු මිලට ජනතාවට ලබා දීමට වැඩ පිළිවෙළක් සකස් කර තිබෙන බවත් ඒ යටතේ මත්පැන් මිල 25% අඩු කරන බවත් ජනාධිපති ධුර අපේක්ෂක ජනක රත්නායක පවසනවා. ඒ හෝමාගම ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින්.

“මම තමයි මහජනතාවට ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කළ හැකි සැලසුම් ඉදිරිපත් කරලා තියෙන්නෙ. මේ අනුව මම කිව්වා භාණ්ඩ විස්සක මිල ස්ථායිකරණය කරලා මහජනතාව සහන ලබා දෙනවා කියලා. මත්පැන්වලින් ලැබෙන ආදායම 40% අඩු වෙලා තියෙනවා. එය සම්පූර්ණ ආදායමෙන් රුපියල් බිලියන 70ක්.

හැම භාණ්ඩයක්ම හා සේවාවක්ම ජනතාවට අඩු මිලට ලබා දෙන්න ඕහ. මත්පැන් මිල වැඩි කළා කියලා මත්පැන් බොන එක අඩු වෙන්නේ නෑ. එකෙන් වෙන්නේ නිතිරෝක මත්පැන් භාවිතය වැඩි වීම. මගේ රජයක් යටතේ මත්පැන් මිල අඩු කරනවා හැබැයි ඒකෙන් කියන්නේ මත්පැන් බොන්න ඕන කියන එක නොවෙයි. මම කරන්නේ, මත්පැන් බොන අයට සාධාරණ මිලකට මත්පැන් ලබා දීම”යැයි මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයා කියා සිටියා.