අධිකරණයට අභියෝගයක්ද? ජනතව වෙනුවෙන් නැගූ හඬක්ද? ලක්මාලිගේ ප්‍රකාශය ගැන අමුතු කතාවක්
විකල්ප විසඳුම් ලබා නොදී ජනතාව පාරට ඇද දමන අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමේ මානුෂීය නොවන ක්‍රියාවලියට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සිය දැඩි විරෝධය පළ කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඇතැම් පාර්ශ්ව විසින් මෙය අධිකරණයට කළ බලපෑමක් ලෙස අර්ථකථනය කළද,
කථානායක ප්‍රධානත්වයෙන් මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන නව වැඩපිළිවෙළක් ඇරඹේ
“මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක්” ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට සිය කැමැත්තෙන්ම ඉදිරිපත්ව පුනරුත්ථාපනය වීමට අවස්ථාව සලසන පළමු ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අද (16) වැලිකන්දේදී විවෘත විය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ආරාධනයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි. මෙම නව වැඩපිළිවෙළ, මෙතෙක්
චීන සංචාරය නිමවී පැමිණි අගමැතිනිය ඉන්දියාව බලා පිටත් වෙයි
සිය මෑතකාලීන චීන සංචාරය නිමවා පෙරේදා (14) දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සිය පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් අද (15) නවදිල්ලි නුවර බලා පිටත්ව ගියාය. නවදිල්ලි නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු
“විපක්ෂයම එකතු වුණත් අපිට අභියෝගයක් නෑ” – ලාල් කාන්ත
විපක්ෂයේ සියලුම පක්ෂ එකට එකතු වී සන්ධානගත වුවද, එය වත්මන් ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නොවන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවෙන් ඉවත් වී තරග
යෝෂිතගේ සහ මිත්තණියගේ මුදල් විශුද්ධිකරණ නඩුව නොවැම්බර් 12ට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව ගොනුකර ඇති මුදල් විශුද්ධිකරණ නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 12 වන දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (15) නියෝග කළේය. රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගැනීම තුළින්
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (15) අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇති බව වාර්තා වේ. මෙම විමර්ශනයට පාදක වී ඇත්තේ, පසුගිය රජය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා
විදුලි බිල අඩු වුණේ සජබ පාරට බහිනව කියපු නිසයි !
විදුලි බිල 6.8%කින් ඉහළ නැංවීමට ආණ්ඩුව ගත් තීරණය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් රට වටා ගොස් මහපාරට බසින බවට කළ දැඩි බලපෑම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. මහනුවරදී පැවති හමුවකදී ඔහු මේ බව පැවසුවේ, එම තීරණය පිළිබඳව මහජන උපයෝගීතා
“රටම එකට”: මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව හදිසි කඩිනම් වැඩසටහනක්
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින්, “රටම එකට ජාතික මෙහෙයුම” නමින් හදිසි කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වන ජාතික මෙහෙයුම් කවුන්සිලයක් පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. මෙරට තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත්ව තිබීමත්,
ගල්කිස්ස උසාවියේ සිද්ධිය: අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට වන්නිනායක අධිකරණයට
නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය තමන්ව අනීතික ලෙස
වෙන්කළ මුදල් ආපසු එවන්න එපා, වැඩ කරන්න” – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ, අද (14) රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල්, මූල්‍ය වර්ෂය අවසානයේ භාණ්ඩාගාරයට ආපසු නොඑවන ලෙස නිලධාරීන්ට